දේශපාලනයෙන් සමුගන්න හදන මහින්ද

861

යාල වනෝද්‍යානයේ දී පසුගියදා ඇතිවූ සිද්ධියට තම පුතා සම්බන්ධ යැයි කරන චෝදනා පදනම් විරහිත බවත් එසේ තම පුතා ඊට සම්බන්ධ බව හෙළි වුවහොත් තමා දේශපාලනයෙන් සමුගැනීමට වුව සූදානම් බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.මෙම සිද්ධිය ඇතිවූ දින තම පුතා සිටියේ කොළඹ බවත් එම දින කිහිපයේ කොළඹින් පිටව ගොස් ඇත්තේ මතුගමට පමණක් බවත් ඇමැතිවරයා සදහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන් බව ද වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන බව ද පවසයි.අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment