“ඩුබායි – 07” ජාත්‍යන්තර රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ, “ශ්‍රී ලයන්ස්” රග්බි කණ්ඩායම, එම තරගාවලිය ආරම්භ කර වසර 54 ක ඉතිහාසය තුළ, පළමු වරට එම තරගාවලියේ ශූරතාවය, ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෙස දිනා ගනිමින්, රන් පදක්කම දිනා ගෙන පසුගිය 2 දින කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
මෙම “ඩුබායි – 07” ජාත්‍යන්තර රග්බි තරගාවලිය ලෝකයේ රටවල් 18 ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 11/29 දින සිට 12/01 දින දක්වා ඩුබායි හි දී පවත්වා තිබුණි.
එහිදී මෙරට “ශ්‍රී ලයන්ස්” රග්බි කණ්ඩායම එම “ඩුබායි – 07” තරගාවලියේ ඉහළම තරගකාරී අංශය වන “ජාත්‍යන්තර විවෘත පිරිමි” (International Mens Open) යටතේ තරග කරමින් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි.
මෙම “ශ්‍රී ලයන්ස්” රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 05 දෙනෙකුම ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි.
මෙම “ඩුබායි – 07” ජාත්‍යන්තර රග්බි ශූරතා තරගාවලිය ආරම්භ කර, දැනට වසර 54 ක් වී ඇති අතර, එම කාළය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වී, ශූරතාවය දිනා ගත් පළමු ශ්‍රී ලංකා කණ්ඩායම වීමට “ශ්‍රී ලයන්ස්” රග්බි කණ්ඩායම සමත් වී තිබුණි.
මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග ෆිජී, ඕස්ටේ්‍රලියා, දකුණු අප්‍රිකා සහ ටොන්ගා රාජ්‍යයේ ක්‍රීඩකයන් පිරිසක් ද සහභාගි වී සිටියහ.
මෙම ශූරතාවය දිනා ගත් “ශ්‍රී ලයන්ස්” රග්බි ක්‍රීඩකයන් පිරිස 12/02 දින රාත්‍රී 10.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් මෙන්ම “ශ්‍රී ලයන්ස්” රග්බි ක්‍රීඩා සමාජයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල