ජෙරොම් දේපොළ උපයපු හැටි සොයයි

516

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපළ උපයාගත් ආකාරය පිළිබඳව සෙවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දේවගැතිවරයා දේශන පවත්වන කටුනායක වේයන්ගොඩ පාරේ මිනරල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9ක් පමණ බවට වාර්තා වී තිබේ. අක්කර 4ක් වූ මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය එම සභාවේ සාමාජිකත්වය හිමි ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසින් ලබාදී තිබේ.

තවද ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස 12ක් දේවගැතිවරයාගේ පවුලේ අයගේ නමින් මිලදී ගෙන ඇතැයි ද හෙළිවී ඇත.

දේවස්ථානය ඉදිකිරීමේදී එයට යොදාගත් ගලක් ද ලක්‍ෂ පහකට විකුණා ඇති බව ද වාර්තා වේ. මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උන්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයේ ඇති ගිණුම්වල තැන්පත් කර ඇති බව ද විමර්ශනවලදී හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment