උතුරේ ආණ්ඩුකාරිනිය අත්අඩංගුවට ගන්නැයි යාපනයේ විරෝධතා

757

දෙවන වරටත් උතුරු පළාතට පත්වූ ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස් මහත්මියට විරෝධය පල කරමින් යාපනයේ පිරිසක් නගර සභා පාර අසලදී විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් කියා සිටියේ ආණ්ඩුකාරවරිය වශයෙන් වසර තුනක් පමණ චාර්ල්ස් මහත්මිය උතුරේ සේවය කළ නමුත් එම කාලයේදී ඇයගෙන් පළාතට කිසිඳු සේවාවක් හෝ මහජනයාගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමක් සිදු නොවූ බවයි.

ඇයව ජනාධිපතිවරයා විසින් යළිත් ආණ්ඩුකාරධූරයට පත්කොට ඇත්තේ ඇගේ දක්ෂකම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයට බලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇය ලබා දුන් දායකත්වය වෙනුවෙන් පමණක් බවට විරෝධතාකරුවෝ කියා සිටියහ. ඇයට එරෙහිව දූෂණ චෝදනා රැසක් ඇති බවත්, ඇය ආණ්ඩුකාරධූරයේ සිටි කලයේදී ඇයගේ පවුල වෙනුවෙන් උපයා ගත් නීති විරෝධී දේපළ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා ඇයව අත් අඩංගුවට ගත යුතු බවද විරෝධතාකරුවෝ හඬ නගමින් කියා සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment