තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය නොවැ.3දා සිට BMICH හිදී

83

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

‘ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම’ වන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලබයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීමට මෙම ප්‍රදර්ශනය බෙහෙවින් ඉවහල් වන බවයි.

එසේම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සමඟ සම්බන්ධවීම, ජාල සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් පද්ධති සහ විසඳුම් සුරක්ෂිත කිරීම, මුදල් රහිත ගනුදෙනු දිරිගැන්වීම, ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් වැඩිදියුණු කිරීමට මෙම ප්‍රදර්ශනයෙන් මහඟු අවස්ථාවක් සැලසෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment