සහන දැනුම් දෙන බවට ජනපති පොරොන්දු වුණා – වෛද්‍ය හරිත අලුත්ගේ

73

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට සිය සංගමය ඉදිරිපත් කළ අට වැදෑරුම් යෝජනා මාලාව සහ සෞඛ්‍ය කමිටුවේ යෝජනා පදනම් කරගෙන වෛද්‍යවරුන්ට ලබාදිය හැකි සහන පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව පෙරේදා (15 දා) ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වෛද්‍යවරුන්ට යුක්තිය ඉටුකර සෞඛ්‍ය සේවාව බිඳ වැටීම නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ආරම්භ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලැබීම පිළිබඳව සිය සංගමය ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බව කියා සිටි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අයවැයට පෙර තමන්ට ලබාදිය හැකි සහන පිළිබඳව සොයාබලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවද පැවසීය.

ප්‍රවාහන දීමනා ලබාදීමට සහ සේවා වටපිටාව සැකසීමේදී නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කළ බවට ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment