ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල දරාගන්න බෑ – ජාතික ඉදිකිරීම් සේවා සංගමයේ ලේකම්

45

සිමෙන්ති, කළුගල්, වැලි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල තවමත් දරාගත හැකි මට්ටමට පහළ දමා නොමැති බව ජාතික ඉදිකිරීම් සේවා සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවැසීය.

වැඩි ලාභයක් තබා ගනිමින් එම අමුද්‍රව්‍ය අලෙවි කිරීම නිසා ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බව පැවසූ සුපුන් අබේසේකර මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයේ මිල රුපියල් 2250 යි. තාම අඩු කළේ නැහැ. රුපියල් 850ට සිමෙන්ති කොට්ටය තිබුණේ. රුපියල් 350කට තිබුණු යකඩ බටේ අද රුපියල් 1000ක් වෙනවා. රුපියල් 400ට තිබුණු වතුර ටැප්එක අද රුපියල් 1300ක් වෙනවා. රුපියල් 1800ට තිබුණු වයර් කොයිල් එක අද රුපියල් 8500ක් වෙනවා. ටි්‍රප් ස්විච් එකක් රුපියල් 9500ක් වෙනවා. වෙළෙඳපොළේ තිබෙන ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය සහ භාණ්ඩ මාසයක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment