‘‘කාගිල්ස්’’ අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් 10 අතරට

270

CIMA, ICCSL සහ  Daily FT විසින් අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් 10 අතරට කාගිල්ස් සමාගම තෝරාගෙන ඇත.

 එය කාගිල්ස් සමාගමට නිහතමානී ආඩම්බරයකි. මෙම ඇගයුම ලෝක වසංගතය හමුවේ පවා නොසැළී සිය ප‍්‍රජාවට මුල් තැන ලබා දුන් කාගිල්ස් සමාගම් ආකෘතියට ලද ඇගයුමක් වේ.සෑමවිටම අප සමාගමේ දර්ශනය වූයේ ප‍්‍රජා සංවර්ධනයට අවධානය යොමු කිරීමෙන් ලාභය ඉබේම ඉපැයෙන බවට ඇති විශ්වාසයයි.

 * ප‍්‍රජාවට මුල්තැන

 අත්‍යවශ්‍ය සේවා සපයන සහ ප‍්‍රමුඛ පෙළේ ආහාර සමාගමක් ලෙස අප වසංගත කාලය තුළ පවා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා නොඅඩුව සැපිරීමට කටයුතු කළෙමු. දිවයින පුරා ගොවීන් වෙළදපොළක් නොමැතිව අසරණ වූ මොහොතක දහස් ගණනකගේ ජීවිකාව සුරක්ෂිත කරමින් ඔවුන්ට වෙළදපොළක් සැපයීමට අප කටයුතු කළෙමු. එසේම එක කිරි බිඳුවක්වත් අපතේ යන්නට නොදී අපි අපගේ දෛනික කිරි එකතුකිරීම දිනකට ලීටර් 180,000 දක්වා ඉහළ නැංවූයෙමු. 2020/21 මූල්‍ය වසරේදී පමණක් කාගිල්ස් සමාගම විසින් කිරි සහ කෘෂි කර්මාන්ත ක්ෂේත‍්‍ර සදහා රුපියල් බිලියන 9කට වැඩි ඍජු ආදායමක් උපයා දී ඇත.

 පසුගිය වසරේ ලෝක වසංගතය නිසා පළමු වරට රට වසාදැමූ අවස්ථාවේදී කුඩා පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් අභියෝග වලට විසඳුමක් ලෙසින් අප ‘ගමෙන් ගෙදරට’ යන ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළෙමු. එහි අරමුණ වූයේ අපගේ දේශීය ව්‍යවසායකයින් වඩා විශාල වෙළදපොළක් වෙත සමීප කරවීමය. ඔවුන්ට ඇසුරුම් කිරීම, අලෙවිය, සහ තත්ත්ව ආරක්ෂාව අතින් පමණක් නොව කාගිල්ස් බැංකුව හරහා අඩු වියදම් මූල්‍ය පහසුකම් සපයමින් ඔවුන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටද කාගිල්ස් සමාගම කටයුතු කරයි.

 * ආර්ථිකයට සවියක්

 අපගේ අමුද්‍රව්‍ය බොහොමයක් දේශීයව සපයාගනිමින් ගෝලීය වෙළඳනාමයන් හා තරගකාරී වන ලෙසින් අගය එකතු කළ නිෂ්පාදන සපයන කාගිල්ස් සමාගම, රටට විදේශ විනිමය ඉතිරි කිරීමින් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ප‍්‍රමිතිය සහ නවෝත්පාදනය කෙරෙහි අප දක්වන අවධානය හේතුවෙන් අපේ ආහාර නිෂ්පාදනයන් ප‍්‍රමුඛ පෙළේ ජාතික වෙළදනාමයන් බවට පත්වී ඇත.

 පසුගිය මාස 18 පුරාවට පැවති අභියෝගාත්මක කාලසීමාවේදී පවා කාගිල්ස් සමාගම නොනැවතී සෑම ව්‍යාපාර අංශයකම සහ රට පුරා ආයෝජනයන් සිදු කරනු ලැබීය. 2020/21 මූල්‍ය වසර තුළ කාගිල්ස් සමූහය විසින් සිදුකළ සමස්ථ ආයෝජනයන්ගේ ප‍්‍රමාණය රුපියල් බිලියන 6.4 කි. ඉන් ශ‍්‍රී ලංකාව ගැන සහ වත්මන් අභියෝගාත්මක තත්ත්වයෙන් මිදී පෙර පරිදිම රටට නැවතත් නැගී සිටීමේ හැකියාව ගැන අපේ විශ්වාසය පිළිඹිබු වේ. ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙසින්

 ප‍්‍රජා සංවර්ධනය සිදු කරමින් සහ හවුල්කරුවන්ට වටිනාකම් එකතු කරමින් කාගිල්ස් සමාගම නිරන්තරයෙන් සිය ආයෝජනයන් සිදුකිරීමට කැපවී සිටී.

 * අපගේ ශක්තිය අපගේ කණ්ඩායමයි

 මෙම ඇගයුම ලබාගැනීමට සමාගමට හැකියාව ලබා දුන් එකම හේතුව වන්නේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවන්හිදී පවා සේවය සැලසීමට කැපවී සිටිනා අපගේ කණ්ඩායමයි. වසංගතය කාලයේදී අපගේ මූලික අරමුණ වූයේ අපගේ කණ්ඩායම ආරක්ෂා කරමින් ඔවුන්ගේ මානසික, ශාරීරික සහ මූල්‍ය යහපැවැත්ම සුරක්ෂිත කිරීමය. අවශ්‍ය සහයෝගය ලබාදෙමින් කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩනංවන අතරේ අප ඔවුන්ට එන්නත්කරණය ලබාදීමටද අවශ්‍ය පියවර ගත්තෙමු. අද වන විට 12,000 ක් පමණ වන කාගිල්ස් කණ්ඩායමෙන් 98% ක සාමාජික පිරිසක් එන්නත් ලබාගෙන තිබේ.

 * එක්ව ඉදිරියට

 අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම සදහා අපගේ ගොවීන් සහ සැපයුම්කරුවන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. ඔවුන්ට ස්තූතිවන්ත වන අතරේම කාගිල්ස් සමාගම සෑමවිටම සිය හවුල්කරුවන් සමග සිටින බවට සහතික වේ. අප කෙරෙහි විශ්වාසය තබා ඇති අපගේ පාරිභෝගිකයින්ට අප හෘදයාංගමව ස්තූතිවන්ත වන්නෙමු. වසර 177 ක උරුමය සමග රටේ පැරණිතම සහ විශ්වසනීයම සමාගමක් වන කාගිල්ස් සිය වටිනාකම් වලට අවංකව කටයුතු කරමින් දැරිය හැකි මිලට හොදම දේ සපයමින් රටට සේවය සැලසීමට නිරන්තරයෙන්ම කැප වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment