පේරා හිටපු උපකුලපති සහ පුතා රෝහල් ගතවෙති

691


නිළ නිවස ඉදිරිපිට දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ බව කියන
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය හිටපු උපකුලපතිල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් විදුර සේනාරත්න මහතා අද අලුයම ප්‍රතිකාර සඳහා මහනුවර හා පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හිටපු උපකුලපතිවරගේ පුතා විසින් පැදවූ බව කියන කාර් රථයකට සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය අසළ ගාල්කර තිබූ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට අයත් යතුරු පැදි දෙකක් ගැටී සිදුවූ අනතුරක් මුල්කර ගනිමින් අවුල ඇති වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment