ප්‍රංශ අගනුවර දැවන්ත ආභරණ සොරකමක්

1098

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි අධික මිලෙන් යුතු වූ ආභරණ අලෙවි සලකට කඩා වැදුනු තිදෙනකුගෙන් සමන්විත සොරුන් කණ්ඩායමක් සේවකයන් තුවක්කුවක් පෙන්වා බිය ගන්වා යුරෝ මිලියන ගණනක් වටිනා ආභරණ තොගයක් පැහැරගෙන පයින්ම පලා ගොස් තිබේ. පිරිමි දෙදෙනකු හා ගැහැනියකගෙන් සමන්විත මෙම කල්ලිය ශබ්දය පිටතට නොඇසෙන සේ සකස් කළ තුවක්කුවක් පෙන්වා ‘පියගෙට්’ නමැති ආභරණ අලෙවිසලට කඩා වැදී සේවකයන් බිය ගන්වා ඇති අතර ඔවුන්ට පොලවේ දිගා වී සිටින ලෙස දැනුම් දී යුරෝ මිලියන 10ත් 15 ත් අතර වටිනාකමින් යුතු ආභරණ තොගයක් පැහැරගෙන පලා ගොස් තිබේ. පෙරේදා (01දා) දිනයේ දහවල් කෑම විවේකයේ සිදුව ඇති මෙම සොරකම සම්බන්ධයෙන් පැරිස් පොලිසිය විසින් ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment