ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ ඊයේ (20දා) සමත්විය.
ඔ44 පිරිමි මීටර් 100 ඉසව්වෙන් ඔහු එම දස්කම දැක්වීය. එම ඉසව්ව තත්පර 11.83කින් නිම කරමින් එම පදක්කම දිනා ගත්තේය.
මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.