ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 32ක පරාජයක් සංචාරක ඉන්දීය කණ්ඩායමට අත්විය.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවේ මුල් ඉනිම ලකුණු 245 කට සීමා වූ අතර දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා ලකුණු 408ක් ලබා ගත්තේය.
දෙවැනි නිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයෝ සියලුදෙනා ලකුණු 131 කට දැවී ගිය අතර තරගය දින 03කින් නිමාවීය.
ඒ අනුව තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩීන් එල්ගාර් ලකුණු 185ක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් දෙවෙනි ඉනිමේදී විරාට් කෝලි ලකුණු 71ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 26ක් රැස්කරගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට නොහැකි වූයේය.
නන්ද්රේ බර්ගර් ලකුණු 33කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, මාකෝ ජැන්සන් ලකුණු 36කට කඩුලු 03ක් බිඳ දැමුවේය. තරගයේ වීරයා සම්මානය ද ඩීන් එල්ගාර් දිනා ගත්තේය.