ඉන්දියාවට ලකුණු 50ක ජයක්

114

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ලකුණු 50කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළේය.එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 50ක් රැස්කළේය.ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146කි.

advertistmentadvertistment
advertistmentadvertistment