හින්දු බැතිමතුන්ගේ ප්‍රකට ආගමික උත්සවයක් වන ‘කුම්බමේලා’ උත්සවය සැමරීම සඳහා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නගරයට එක් රොක්ව සිටි මිලියන ගණනක වන්දනාකරුවන් පිරිසක් අතර ඊයේ (29දා) උදෑසන හටගත් තෙරපිමකින් වන්දනාකරුවන් 15දෙනකු පමණ මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බී බී සී ප්‍රවෘත්ති සේවය ඊයේ වාර්තා කර තිබිණි. මෙම අනතුරෙන් තුවාල ලබා ඇති 30 දෙනාම කාන්තාවන් වන අතර එම පිරිස ප්‍රතිකාර සඳහා උත්සව භූමියේ පිහිටා තිබෙන රෝහල වෙත ඇතුළත් කර තිබිණි. කෙසේ වුවද බොහෝ ඉන්දීය මාධ්‍ය විසින් ඊයේ දහවල් වනවිට ද මෙම තෙරපිම සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව සඳහන් කර නොතිබූ අතර 30දෙනකු තෙරපීමක් වැනි සිදුවීමකින් තුවාල ලබා ඇති බවත් තවත් ගණනාවක් මියයන්නට ඇතැයි විශ්වාස කරන බවත් වාර්තා කර තිබිණි .
ලොව විශාලතම හින්දු ආගමික උත්සවය සේ සැලකෙන ‘කුම්බමෙලා’ උත්සවයේ ස්නානය කිරීමේ චාරිත්‍රය යෙදී තිබූ ඊයේ දිනයේදී හින්දු බැතිමතුන් මිලියන 100ක සංඛ්‍යාවක් ප්‍රයාග්රාජ් නගරයට පැමිණෙනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර අති විශාල හින්දු වන්දනාකරුවන් පිරිසක් එක් රොක් වන ස්ථානයක දුර්වල කළමනාකරණය හේතුවෙන් බොහෝ දෙනකුගේ දිවි අහිමි වී ගොස් ඇති බව ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් ඉන්දීය රජයට චෝදනා කරමින් පවසා තිබේ. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් අමතමින් තෙරපීමේ සිද්ධියෙන් විපතට පත් වූ පිරිසට අවශ්‍ය සහන ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ