පක්ෂ වලින් පනින මන්ත්‍රීවරුන්ට ගීතා ගෙන් සහතිකයක්

589

එහෙට මෙහෙට පැන පැන ඉන්නවාට වඩා ජනතාව ඡන්දය දුන්නානම් ඡන්දෙ දිපු පැත්තේ ඉදගෙන ඒ වැඩේ හරියට කරන්න ඕනෑ යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගිතා කුමාරසිංහ මහත්මිය ගාල්ලේ දි පැවසුවාය. ගාල්ලේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරිය මෙසේද කිවාය. ආපු තැන වැඩේකරගෙන ඉන්නේ නැතිව අරහේ යන්නයි මෙහෙ යන්නයි මට නම් ඔවා එකක්වත් කරන්න බැහැ. ඔය එක එක්කෙනා එක එක එවා ගන්න අවශ්‍ය වු විට පොඩි තර්ජන ගර්ජන දානවා නේ .දරුවන්ගේ මන්දපෝෂණ තත්වය අතින් ගාල්ල දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත්වෙලා තියෙනවා.මම ඒ ගැන එදා කම්පාවට පත්වුනා. දැන් කම්පාවෙලා වැඩක් නැහැ. දරුවන්ට උදව් කළ යුතුයි. දරුවන් පාසලට පැමිණිම අනිවාර්ය නොකළහොත් මේ ප්‍ර දේශවල නුගතුන් විශාල පිරිසක් බිහිවිමට ඉඩ තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment