ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස , භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඊයේ (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය.
ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා ලෙසද හැඳින්වේ .
රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී , 64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කි. බී.ආර්. ගවයි 1960 නොවැම්බර් 24 වන දින මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවතී හි උපත ලැබූ අතර 1985 දී සිය නීති ජීවිතය ආරම්භ කළේය. 2025 නොවැම්බර් 23 දක්වා විනිසුරු ගවයි ධුරය දරනු ඇත, එනම්, ඔහු මාස හතකින් පමණ ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය.