ඉන්දියාවේ හිම පතනයක් නිසා සංචාරකයෝ සිර වෙති

196

ඉන්දියාවේ හිමාලයේ පිහිටි හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මනාලි නගරයට ඇදහැළුණු දැඩි හිම පතනයක් හේතුවෙන් හටගෙන තිබූ මාර්ග තදබදය මත වාහනවලින් යමින් සිටි විශාල සංචාරකයන් පිරිසකට සිය වාහන තුළම ඉකුත් බදාදා දිනයේ රාත‍්‍රිය ගත කිරීමට සිදුව ඇත. හිම පතනය හේතුවෙන් කුල්ලූ හා මනාලි යන නගර අතර මාර්ගයේ සෙන්ටි මීටර් 10ක් උසට හිම පතිත වී තිබෙන අතර එම මාර්ගය ලිස්සා යන තත්ත්වයක තිබීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබිණි.

මේ හේතුවෙන් සංචාරක බස් රථ 20ක් ඇතුළු වාහන සිය ගණනක් මාර්ග තදබදයට හසු වී තිබී ඇති අතර එම වාහනවල සිටි සංචාරකයන් ඇතුළු මගීන් විශාල පිරිසකට ඉකුත් බදාදා රාත‍්‍රියේ සිට පසුදින උදෑසන තෙක්ම සිය වාහන තුළම නිදා ගැනීමට සිදුව තිබූ බව වාර්තා වී ඇත.


advertistmentadvertistment