ඉන්දීය ගගනගාමියකු ලබන වසරේ අභ්‍යවකාශයට

163

ලබන වසර අවසානයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීම සඳහා ඉන්දීය ජාතිකයෙකු පුහුණු කිරීමට ඇමරිකාවේ නාසා ආයතනය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දු-ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින නාසා ආයතනයේ පරිපාලක බිල් නෙල්සන් පවසා ඇත්තේ ඉන්දීය ජාතිකයකු ලබන වසර අගදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට නාසා ආයතනය සූදානම් බවත් ඒ සඳහා සුදුසු පුද්ගලයකු තෝරා ගැනීම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කරනු ඇති බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment