සිව්කොන් කුසලාන ගොල්ෆ් තරගාවලියේ ජය ගුවන් හමුදාවට

98

සිව්කොන් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ මේ සඳහා සහභාගී වූ අතර එහිදී ප්‍රසාද ලකුණු 325ක් ලබාගනිමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේ දක්ෂතම ළඟම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ මයිකල් සත්‍යශිවම් විසින්ද, දක්ෂතම ළඟම පහරට හිමි කුසලානය (කාන්තා) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රෑන් ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ දිනුකා බොරලැස්ස විසින් දිනාගත් අතර තරගාවලියේ හොඳම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ රවි ලියනගේ ද, තරගාවලියේ හොඳම ලකුණු ලබාගත් ක්‍රිඩිකාව ලෙස වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රවීනා දුනුවිල ද කුසලාන දිනා ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment