ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට

10

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ 37 වැනි නායකයා ලෙස ෂුග්මන් ගිල් පත්කර ඇත.

ඉන්දීය කණ්ඩායමේ ස්ථිර නායකත්වයේ සිටි රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසු ඉන්දීය ටෙස්ට් නායකත්වය පුරප්පාඩු වී තිබිණි.

25 හැවිරිදි ෂුග්මන් එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙහෙයවනු ඇත.

ටෙස්ට් උප නායකත්වය සඳහා ඉන්දීය කඩුලු රකින රිෂාබ් පාන්ට්ව පත්කර තිබේ.

එංගලන්තය සහ ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ තරගාවලින් 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලිය ද ඇරඹෙනු ඇත.

ටෙස්ට් තරග 32කට ක්‍රීඩා කර ඇති ෂුග්මන් ශතක පහකට හිමිකම් කියන අතර ටෙස්ට් ලකුණු 1893ක් ලබාගෙන තිබේ. ෂුග්මන් 2020දී ටෙස්ට් පිටියට පිවිසි අතර මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් වටය සඳහා ද රැගෙන යෑමට දායකත්වය ලබාදී තිබේ.


advertistmentadvertistment