අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් ශූරතාව වැස්සට යටවෙයි

223

 අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පස් වැනි දිනය වූ ඊයේ දින (22 වැනිදා) තරගය දිවා ආහාරය සඳහා නතර කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 5ක් දැවී ලකුණු 135ක් ලබා සිටියේය. එ් අනුව ඔවුන් ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 82ක් පිටුපසින් පසුවිය.
 
 සදම්ප්ටන් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අදාළ තරගයට පළමු දිනයේ සහ සිව්වැනි දිනයේදී සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් බාධා එල්ල විය. එ් අනුව තරගයේ පස්වැනි දිනය වූ ඊයේ දිනයේදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි අවදානමක් පැවැතිණි.
 
 ඊයේ දිනයේදී තරගය ආරම්භ කරන විටදී කඩුලූ 2ක් දැවී ලකුණු 101 ලබා සිටි නවසීලන්ත ඉනිමේ තවත් කඩුලූ 3ක් දිවා ආහාරයට තරගය නතර කිරීමට පෙර දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එ් අනුව ඊයේ දිනයේදී පළමු කඩුල්ල ලෙසින් රෝස් ටේලර් ලකුණු 11කට, හෙන්රි නිකොල්ස් ලකුණු 07කට සහ බී.ජේ. වොට්ලින් ලකුණු 01කට දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment