නාරම්මල උණුසුම් කළ වෙඩිල්ල

705

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇත.ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබුණි.ඊයේ සවස් කාලයේදී නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීයෙකුගේ ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි. ඊයේ පස්වරුවේ නාරම්මල පොලීසියේ නිළධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර එම රථය අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය.එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබේ.එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇති බව සඳහන් ය.වෙඩි වැදීමෙන් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment