බලෙන් වාහන චෙක් කරන අයට වෙඩි තියන්න පොලිසියට උපරිම බලය

264

කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදුකිරීමේ අපේක්‍ෂාවෙන් වාහන නවතා සිදුකරන පරීක්‍ෂාවන් වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය උපරිම අයුරින් පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි සිදුකිරීම, කොල්ලකෑම, ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස ද දිවයින පුරා ඇති සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment