රැගුම් පාලක මණ්ඩල පනත අහෝසියි ඒ වෙනුවට නව පනතක්

194

මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටියි.

නව පනතෙහි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුදහෙට්ටිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

අශෝක හඳගම, අනෝමා රාජකරුණා, රාජිත දිසානායක සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන් භාෂණයේ ප්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහස පදනම් කරගෙන ජාත්‍යන්තර කලා ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් මෙම පනතේ කෙටුම්පත සකස් කෙරෙන බව කමිටු සභාපති සමන් ආතාවුදහෙට්ටි මහතා පවසයි. වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ 1912 වර්ෂයේ සම්මත කරන ලද ආඥා පනතකි. පසුගිය පාර්ලිමේන්තු සැසිය විවෘතකිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි මෙම කමිටුව පත්කර ඇති අතර මූලික කෙටුම්පත මාස දෙකක කාලයක් තුළ සකසා අවසන් කිරීමට නියමිතය.

උදේශ් සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment