ඉන්දීය මුහුදේ කූඩැල්ලන් ඇල්ලූ උතුරේ ධීවරයන් 21කට වැඩ වරදී

99

ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුලු වීමේ චෝදනාව මත යාපනයේ ධීවරයන් 21 දෙනකු තමිල්නාඩු නාවික හමුදාව විසින් ඉකුත් 16 දා අත් අඩංගුවට ගෙන තිබේ. යාපනයේ වඩමරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙම ධීවරයන් පිරිස ගමන් ගත් බෝට්ටු පහක්ද තමිල්නාඩු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කරෙයිකාල් ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

තමිල්නාඩු නාවික හමුදාව විසින් මේ ධීවරයන් 21 දෙනා අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ බෝට්ටු තුළ ඔක්සිජන් සිලින්ඩර් හා අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 200 ක් පමණ තිබී ඇත.

තමිල්නාඩු නාවික හමුදාව කරෙයිකාල් පොලිසිය වෙත මෙම ධීවරයන් පිරිස භාරදෙන ලද අවස්ථාවේදී එම මූදු කූඩැල්ලන් ඉන්දීය මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස අල්ලාගත් බව සඳහන් කොට තිබේ.

අත්අඩංගුවට පත්වූ යාපනයේ ධීවරයන් අයත් බෝට්ටු පහ කරෙයිකාල් වරායේ නවතා ඇති අතර ධීවරයන් පිරිස කරෙයිකාල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment