ලොරියක පිටුපස ගැටුණු යතුරුපැදිය පැදවූ කත මරුට

173

බුලත්සිංහල, පරගොඩ, මාර්ගයේ කොටපන්විල සුසාන භූමිය අසලදී මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිය පැදවූ (34) හැවිරිදි කාන්තාව මිය ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව මිය ගොස් ඇත්තේ බුලත්සිංහල නිග්ගහ ප්‍රදේශයේ පදිංචි කංකානම් පතිරණගේ රසිකා ප්‍රියදර්ශනී නැමැති විවාහක කන්තාවකි. බුලත්සිංහල, පරගොඩ දක්වා ගමන් ගන්නා මාර්ගයේ කොටපන්විල සුසාන භූමිය අසලදී පරගොඩ සිට බුලත්සිංහල දෙසට ධාවනය කළ ලොරි රථය ඉහත කී ස්ථානයේ මාර්ගය අයිනෙන් ගමන් ගත් පුද්ගලයෙක් හේතුවෙන් නතර කිරීමත් සමග පරගොඩ සිට බුලත්සිංහල දෙසට පැමිණි යතුරුපැදිය ලොරි රථයේ පිටුපස වැදීමෙන් යතුරු පැදිය පැදවු කාන්තාව බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. මෙම රිය අනතුරින් පසුව එම ස්ථානයට පැමිණි අයකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ලොරි රථයේ ඉදිරි කොටසට දැඩි අලාභ හානි සිදු කර ඇති බවද පොලිසිය කීය. මිය ගිය අයගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත මහතා විසින් සිදුකර වැඩිදුර පරීක්ෂණය සඳහා සිරුර හොරණ මූලික රෝහලට යොමු කර තිබේ.

අනතුර හේතුවෙන් ලොරි රථයේ රියැදුරු වන හබරකඩ තවලම ප්‍රදේශයේ පදිංචි අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල වැඩ බලන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක වීරවංශ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති. එම අවස්ථාවේ බුලත්සිංහල දෙස සිට පරගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝධ රථයක්ද ලොරි රථයට ගමන් කිරීමට මාර්ගය අයිනට ගැනීමේදී ත්‍රිරෝදය එම ස්ථානයේ ඇති කුඩා ඇළ මාර්ගයකට පෙරලී ඇති අතර ත්‍රීරෝධ රථයේ රියැදුරු පමණක් සිට ඇති බවත් ඔහුට බරපතල තුවාල නැති බවත් පොලිසිය කීය.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment