ආරක්ෂක හේතුවක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
එම ආරක්ෂක සිදුවීම ඊයේ රාත්‍රී සිදුවී ඇත.
ඒ හේතුවෙන් වීසා හමුවීම් සඳහා නිකුත්කර තිබු වේලාවන් වෙනස් වෙන බව පවසයි.
හදිසි කොන්සියුලර් සහ වීසා කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය දුරකථනයෙන් අමතන ලෙස ද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.