ඉන්දියාව සහ පාකිස්ථානය තුළ මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයේදී දෙරටම උපරිම සංයමයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ .එම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉද නොතබා අවශ්‍ය පියවර ගන්නේ යැයි දෙරටම සහතික විය යුතු බව එම සංවිධානය වැඩි දුරටත් අවධාරණය කර තිබේ .
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති ඕනෑම ගැටලුවක් අර්ථවත් අන්‍යෝන්‍ය සාකච්ඡා හරහා සාමකාමීව විසඳිය හැකි බවට විශ්වාසය පළ කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි .
|