පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
පසුගිය අඟහරුවාදා (22දා) කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙවතාවකදී ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේ ගැටුම් ඇතිව තිබේ. ඉන්දියාව පාකිස්තානය ඉලක්ක කරගෙන හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ උණුසුම පවතිද්දී මෙලෙස දෙවතාවක් වෙඩි හුවමාරු සිදුව තිබේ.
යුද උණුසුම තවත් වැඩිකරමින් ඉන්දීය ගුවන් හමුදා විසින් ‘අක්‍රමණන් ’ නමින් පුහුණු මෙහෙයුමක් රාජස්ථාන හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවලදී සිදු කරගෙන යයි. මේ සඳහා අති නවීන රෆායල් ප්‍රහාරක ගුවන් යානා ද යොදා ගෙන තිබේ.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් අවධාරණය කර ඇත්තේ පහල්ගම් ප්‍රහාරයේ සියලු කුමන්ත්‍රණකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන බවයි.
ඉන්දියාවේ පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරයට පසු දින 1960 දී පාකිස්තානය සමඟ අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ අතර එය යුද්ධයකට පෙර නිමිත්තක් බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් බීබීසීයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි.
චතුර පමුණුව