ඉම්රාන් ඛාන් චෝදනාවකින් නිදහස්

169

සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රජය රහස් පිට කිරීමේ චෝදනාවෙන් නිදොස් කර නිදහස් කිරීමට පකිස්තාන අධිකරණය විසින් පියවර ගෙන තිබේ. අදාළ චෝදනාවෙන් නිදහස් වුවද තවත් චෝදනාවකට වරදකරු වී සිටීම හේතුවෙන් හිටපු අගමැති ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටිනු ඇතැයි බලධාරීන් පවසා තිබේ.

2022 වසරේදී අගමැති ධුරයෙන් ඉවත් කළ හැත්තෑ එක් හැවිරිදි ඉම්රාන් ඛාන් නඩු තුනකට වරදකරු කිරීමට අධිකරණය විසින් පියවර ගෙන ඇති අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් ප්‍රසිද්ධ කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම වසරේ ජනවාරි මාසයේදී දස වසරක සිර දඬුවමක් නියම කෙරිණි. කෙසේ වුවද ඉම්රාන් ඛාන් පවසනුයේ තමාට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා දේශපාලන බලපෑම් මත එල්ල වූ ඒවා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment