චීනය ඔත්තු බැලීමට එරෙහි නීතිය ක්‍රියාත්මක කරයි

578

චීන රජය විසින් ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඔත්තු බැලීමට එරෙහි නීතිය නිසා යුරෝපයේ ආයෝජකයින් දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විශේෂයෙන් ඇමෙරිකානු, ජපන්,සහ දකුණු කොරියානු ආයෝජකයන් මින් වඩාත් අපහසුතාවයකට මුහුණ දී සිටිති. චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය සහිත රටය. මෙම නීතියට අනුව ඕනෑම පුද්ගලයකුගේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකිය.විශේෂයෙන්ම විදේශීය මාධ්‍ය වේදීන්ට මෙම නීතිය දැඩි අවදානමක් වී තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසන්නේ ඔත්තු බැලීමට එරෙහි නීතිය සෑම රටකම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැදගත් බවය.චීනය විදෙස් මාධ්‍ය සාදරයෙන් පිළිගන්නා බවත් සත්‍ය තොරතුරු වාර්තා කිරීමට බිය නොවිය බවත් සදහන් කරයි. චීනය මෙම නීති හදුන්වා දී ඇත්තේ සිය රටේ තොරතුරු ඇමෙරිකාවට ලැබේ යැයි ඇති බිය නිසා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment