ඉරාන ජනපතිගේ මරණයට ඇමෙරිකාවට චෝදනා

1806

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇමරිකාව මූලිකව ඉරානයට සම්බාධක පැනවීමට මූලිකව කටයුතු කළ බවත්, ඒ හරහා ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණවූ බවත්‍ය. මේ සියලු කාරනා පිටුපස ඇමරිකාව සිටිනා බවත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම්න් පියවර ගන්නා බවත් ය.ඉරාන ජනතාවගේ අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටක් ලෙස ඇමරිකාව නම් කළහැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment