පොට්ට නෞෆර්ගේ පුතෙක් ISIS සාමාජිකයෙක්

781

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි.ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත්කරනු ලැබීය.ඊට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත් අතර අදාළ විමර්ශන කණ්ඩායම මගින් මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment