හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 58 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටිනුයේ 24 කට අඩු සංඛ්‍යාවක් බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිය විසින් මයික්‍රෆෝනයක් ආසන්නයේ සිට කරන ලද ප්‍රකාශයක් අදාළ ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය පිළිබඳව හෙළිදරව් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති එම ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කෝපයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඊශ්‍රායල අගමැති බිරිය වන සාරා විසින් හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් ජීවතුන් අතර සිටින සංඛ්‍යාව ප්‍රකාශ කර ඇතත් අගමැති නෙතන්යාහු විසින් පිරිසක් අමතමින් පවසා ඇත්තේ ගාසා තීරයේ හමාස් සංවිධනයට එරෙහිව පවතින යුද්ධය ජය ගැනීමේ මෙන්ම එම තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස නැවතත් ඊශ්‍රායලය වෙත ගෙන ඒමේ වැදගත් අභියෝගයක් සිය රජය ඉදිරියේ පවතින බවයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ