ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් යේමන ජාතික ගුවන් සේවයට තිබූ අවසන් යානය විනාශ වෙයි

490

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් යේමනයේ ‘සානා’ අගනුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළ වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් යේමනයේ ජාතික ගුවන් සේවය වන ‘යේමනියා’ ගුවන් සේවයට අයත්ව තිබූ අවසාන සිවිල් ගුවන් යානය ද විනාශ වී ගොස් තිබේ. දකුණුදිග යේමනයේ සිට ක්‍රියාත්මක වන හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන් දෙකකට ප්‍රතිප්‍රහාර වශයෙන් යේමනයේ ප්‍රධාන ගුවන් තොටුපළට පහර දුන් බව ඊශ්‍රායලය පවසයි. යේමන ගුවන් තොටුපලේ අධ්‍යක්‍ෂක කාලිඩ් අල් ශයිෆ් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් යේමනියා ගුවන් සේවයට එම සේවය සතුව තිබූ සියලු සිවිල් ගුවන් යානා අහිමි වී ගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ඊශ්‍රායල් කයිස් පවසා ඇත්තේ සිය හමුදාවන් විසින් යේමනයේ ප්‍රධාන ගුවන් තොටුපළේ පිහිටි හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් ගුවන් තොටුපළේ තිබූ එකම ගුවන් යානය විනාශ වූ බවයි. යේමනයේ සිට ඊශ්‍රායලය වෙත එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට විශාල වන්දියක් ගෙවීමට යේමනයට සිදුවන බවද ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර තිබේ.


advertistmentadvertistment