ඉන්දීය චීන දේශ සීමා ආරක්ෂාව තර කරයි

289

ඉන්දියාව සහ චීනයට අයත් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ කිබිතු හි අරුණාචල් දේශ සීමාවේ ආරක්ෂාව සදහා නවීන යුධ තාක්ෂණය භාවිතා කරන බව ඉන්දීය නැගෙනහිර හමුදාපති ලුතිතන් ජෙනරාල් රනා ප්‍රතාප් කලිතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.ප්‍රදේශයේ ආරක්ෂාව ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ මාධ්‍ය සංචාරයේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.ප්‍රදේශයේ ආරක්ෂාව මේවනවිට තහවුරු කර ඇති බවත් හමුදා නිරීක්ෂණ කටයුතු ඉහළම මට්ටමින් පවත්වාගෙන යන බවත් පවසා ඇත. ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් සහ විද්‍යුත් නිරීක්ෂණ උපකරණ භාවිතා කරමින් එම නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත් සදහන් කර තිබේ.මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධන ද පසුගිය මැයි මස සිට ආරම්භ කරන ලද බවත් ඒ අනුව බ්‍රහ්මපුත්‍ර ගංගාව හරහා පාළමක් ඉදිකිරීම,නව දුම්රිය මාර්ගයක් තැනීම, සියලු ප්‍රාන්ත සමග ගුවන් සබඳතා පැවැත්වීමේ පහසුකම් සකස් කිරීම ඉන් කිහිපයක් බවද ලුතිනන් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment