ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා කඳවුරක 35ක් මරුට

223

හමාස් සංවිධානය විසින් මධ්‍යම ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට පෙරේදා (26දා ) රාත්‍රියේ එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් අවතැන් වූ පලස්තීන ජාතිකයන් වෙසෙන රෆා සරණාගත කඳවුරේ 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් රෆා කඳවුරේ රැඳී සිටි 35 දෙනකු මියගොස් තවත් පිරිසික් තුවාල ලබා ඇති බව එම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයට පෙර හමාස් සංවිධානය විසින් පෙරේදා (26දා) ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයට රොකට් ප්‍රහාර 8ක් එල්ල කර තිබූ අතර ඒ හේතුවෙන් එම නගරයේ යුද අවදානමක් මතුකරමින් සයිරන් නළා නාද කර තිබිණි. කෙසේ වුවද හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් අටම ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් අවහිර කරන්නට ඇති බව හෝ ගොවිපළවලට වැටෙන්නට ඇතැයි

ඊශ්‍රායල බලධාරීහු පවසති. හමාස් සංවිධානය සතුව පවතින අවසන් බල කඳවුර සේ සැලකෙන දකුණුදිග ගාසා තිරයට ඊශ්‍රායල හමුදා විසින් ළඟාවෙමින් පැවතීම හේතුවෙන් හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment