සනත් නිශාන්ත සති දෙකක් සබයෙන් දොට්ට

223

ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට ඊයේ (22 දා) සිට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ දී පෙරේදා (21 දා) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ සිදු කළ ප්‍රකාශය අතරතුර සිදු වූ විනය විරෝධී තත්ත්වය තමන් හෙළා දකින බව ද එම විනය විරෝධී සිද්ධියට අදාළව මෙම තීරණය ගත් බව ද කථානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් කථානායක පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment