අබලන් දුම්රිය පාලමෙන් බොල්ගොඩ ගඟට වැටුණු – සිව් දරු පියා අතුරුදන්

355

බලධාරීන්ට කිව්වට එලක් වී නැහැ – මෙන්න ප්‍රතිඵලය

කළුතර සහ කොළඹ දිස්ත්‍රික් යාකරන බොල්ගොඩ ගඟේ, දුම්රිය පාලමේ දිරාගිය ලෑලි ගැළවී ඒ මතින් ගමන් කළ සිව්දරු පියකු අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මොහු මෝදර, ධීවර මාවතේ පදිංචිව සිටි වාද්දුවගේ ජීවන් කුමාර නමැති 38 හැවිරිදි අයෙකි. අතුරුදන් පුද්ගලයා පින්තාරු සේවකයකු බවත්, එදින උදෑසන නිවසින් පිටව ඇති ඔහු එදින රාත්‍රි තවත් පුද්ගලයකු සමග පානදුර දෙස සිට එගොඩඋයන දෙසට ගමන් කිරීමේදී ඇදවැටී ඇති බව සඳහන් වේ. ප්‍රදේශයේ ධීවරයින් බෝට්ටු ආධාරයෙන් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකර ඇතත් සොයාගැනීමට නොහැකිව ඇත. දිස්ත්‍රික් යාකරන පාලම මෙය බැවින් විශාල පිරිසක් පාලම භාවිත කරති. ප්‍රදේශවාසින් පවසන්නේ දිගින් දිගටම මෙවැනි අනතුරු සිදුවන බවත්, මේ සම්බන්දයෙන් කොතෙක් දැනුවත් කළත් බලධාරීන් පිළියමක් නොගන්නා බවයි.
වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment