ගාසා තීරයේ සිටින ප්‍රමුඛ පෙළේ හමාස් නායකයකු වන මොහමඩ් සින්වර් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදාවන් විසින් දකුණු ගාසා තීරයේ පිහිටි ඛාන් යුනිස් නගරයේ රෝහලකට පෙරේදා (13) එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් තවත් 40 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල හමුදාවන් පවසා ඇත්තේ ඔවුන් ඛාන් යුනිස් නගරයේ තිබෙන යුරෝපීය රෝහලක පිහිටි හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වුවද සිය හමුදාවන් විසින් ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන රෝහලකට පහර දුන්නේ හමාස් නායකයකු වන සින්වර් ඉලක්ක කරගෙන බව ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන් යුරෝපීය රෝහල් භූමියට එල්ල වූ බව රෝහල් සේවකයන් පවසා තිබේ.