ඊ ක්‍රමය මග එයි: ජූලි 1 කල් පනින පාස්පෝට්වලට වසරක දිගුවක්

64

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත් වන ගුවන් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ පාස්පෝට් ලබා දීමේ අරමුණින් එම තීරණය ගත් බවත් ගුවන්ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බවත්ය.

ලබන නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝට් නිකුත් කිරීම අරඹනු ලබන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment