උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහු 7ක් කෑම විෂවී රෝහලේ

87

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක ආයතනයකින් පවත්වනු ලැබූ උත්සවයක් අවසානයේ පැවැති භෝජන සංග්‍රහයකදී ලබාගත් ආහාර විෂ වීමෙන් රෝගාතුර වූ මාධ්‍යවේදීහු 7 දෙනකු ඇතුළු පිරිසක් කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම ආහාර අතර තිබූ කුකුල් මස් ආහාරයට ගැනීමෙන් පසු තමන්ට බඩේ අජීර්ණය, හිසේ රුදාව, ක්ලාන්තය වැනි රෝග ලක්‍ෂණ මතුවුණු බව මාධ්‍යවේදීහු ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය.

පසුගියදා අදාළ ආයතනයේ උත්සව කටයුත්ත මාධ්‍ය ආවරණය සඳහා හෝටලයට ගිය අවස්ථාවේ තමන් මෙම අමිහිරි අත්දැකීමට මුහුණ පෑ බව මාධ්‍යවේදීහු කියා සිටියහ.

මෙම ආහාර විෂවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්එම හෝටලය වෙත ගොස් තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න – රත්මලාන සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment