සිය අසල්වැසියකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් දසදහසක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය ඊයේ (17දා) නියෝග කළාය.
පැමිණිලිකාර පාර්ශ්වයට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් සිදුනොකරන ලෙසට සැකකරුට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය එලෙස තර්ජනය කළ බවට හෝ බලපෑම් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවට ද අවවාද කළාය.
නීතිඥ ජනක වැලිවත්ත, ප්‍රසාද් සේනාධීර හා නීතිඥ හසිත තිලකරත්න යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ විදුර පී. මංචනායක මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක