උපවාස කළ දිල්ලි ජල ඇමතිනිය රෝහලේ

68

ඉන්දියාවේ දිල්ලි අගනුවර මුහුණ පා ඇති පානිය ජල හිඟය විසඳන ලෙස ඉල්ලා සිටිමින් නිරාහාර උපවාසයක යෙදී සිටි නගරයේ ජලය පිළිබඳ ඇමැතිනි අටිෂි ඊයේ (25දා) උදැසන රෝගාතුර වී රෝහල්ගත කර තිබේ. 36 හැවිරිදි ජල ඇමැතිනිය පවතින ජල හිඟය විසඳන ලෙස ඉල්ලමින් දින පහක් තිස්සේ නිරාහාර උපවාසයක යෙදී සිටීමෙන් අනතුරුව ඇයගේ රුධිරගත සීනි ප්‍රමාණය පහළ බැසීම හේතුවෙන් මෙසේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාවේ දිල්ලි අගනුවර පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යෑමෙන් නගරය තුළ උග්‍ර ජල හිඟයක් මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment