උසට බර නැති දරුවන් වැඩි වෙලා

113

උසට සරිලන බර නොමැති (කෘෂ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය පෝෂණ මාසයේ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 19.5 සිට සියයට 21 දක්වා වැඩිවී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෙලෙස උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 01, 04, 07, 10 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ බව ද මෙම වාර්තාව කියයි.

විශේෂයෙන් නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියා, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, කොළඹ යන දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල උසට සරිලන බර නොමැති පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී වැඩි වී ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වෙයි.

වයසට සරිලන බර නොමැති පාසල් දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් 2023 වර්ෂයේ පෝෂණ මාසයේ දී වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 32.4ක් බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආර්ථික අර්බුදය මෙන්ම දෙමව්පියන්ගේ නොදැනුවත්කම ද වැරදි පෝෂණ පුරුදු ද මේ සඳහා බලපා ඇති බව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පෙන්වා දෙති.

ලලිත් චාමින්ද


advertistmentadvertistment