එංගලන්තය පැරදූ ඉන්දියාව අවසන් මහා තරගයට

366

එංගලන්තය ලකුණු 68 කින් පරාජයට පත් කරමින් ඉන්දියාව හෙට (29දා ) සෙනසුරාදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් විය.රෝහිත් ෂර්මා 57යි.එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 103කි.පන්දු යැවීමේදී අසාර් පටෙල් සහ කුල්දීප් යාදෙව් කඩුලු 03 බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment