වයස අවුරුදු 11 මාස 03 ක්වූ දැරියක් දූෂණය කළ බව කියන 75 හැවිරිදි ඥාති සීයා කෙනෙකු බදුරලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය තම සොහොයුරෙකු සමග පාඩම් කිරීම සඳහා මෙම නිවසට ගිය අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (20) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බදුරලිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ