වැට් බද්දෙන් ලැට් ගාස්තුත් උස්සයි..!

114

වැට් 18% දක්වා ඉහළ දැමීමත් සමඟ කොළඹ නගරයේ පොදු වැසිකිළි ඇතුළු දිවයිනේ සියලු පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තුව ඉහළ දැමීමට ඇතැම් පවිත්‍රතා කොන්ත්‍රාත්කරුවන් උත්සාහ කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අය කළ රුපියල් 10 ක ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 20 ක් ව පැවැති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දැමීමට උත්සාහ දරමින් සිටිති. වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු මෙලෙස ඉහළ දැමීමට තීරණය කළ බව එම පවිත්‍රතා කොන්ත්‍රාත්කරුවෙක් ‘දිවයින’ ට පැවසීය.

මේ අතර පොදු වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අප ඊයේ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියගෙන් විමසීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළ ද එය අසාර්ථක විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment