ශාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

60

හලංගොඩ – අතපත්තු ක්‍රිකට් තරගාවලිය

හලංගොඩ – අතපත්තු කුසලානය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති දෙදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

5 වැනි වරට පැවති එම වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 9 ක් දැවී ලකුණු 301 ක් ලබා ගත් අතර කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 172 කට දැවී ගියහ.

ලකුණු සාරාංශය

සාන්ත තෝමස් විද්‍යාලය ඕවර 79.3කදී 301/9යි

නාදන් කල්දේරා 68, කවිඳු ඩයස් නොදැවී 50, තිසෙන් ඇහැලියගොඩ 41, සදෙව් සොයිසා 38.

කවීෂ මෙන්ඩිස් 4/79, අසින්ස නයනායක 3/51, කිත්ම විතානපතිරණ 2/64

ආනන්ද විද්‍යාලය ඕවර 62.1 කදී 172/10 යි

දනිඳු සෙල්ලපෙරුම 77, කැනුල ද සොයිසා 32,

කවිඳු ඩයස් 5/25, ආකාෂ් ප්‍රනාන්දු 1/25, අශේන් පෙරේරා 1/26, නේතන් කල්දේරා 1/33,

අභීත් පරණවිදාන 1/30, අන්ශේන් ද සිල්වා 1/24

ආනන්ද විද්‍යාලය දෙවෙනි ඉනිම පන්දු වාර 57කදී 173/5යි

කාංචන ද ලිවේරා 51, නෙතුල එදිරිමාන්න 26, ඉරුත් ගිම්ෂාන් 42

අශේන් පෙරේරා 2/5, අන්ශේන් ද සිල්වා 2/33, කවිඳු ඩයස් 1/35

advertistmentadvertistment
advertistmentadvertistment