වික්ටර් රත්නායකට මාදිවෙලදී උපහාර තිළිණයක්

43

මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයට වසර 20 ක් පිරීම නිමිත්තෙන් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ නර්තන ඇතුළත් අක්වැස්ස සංස්කෘතික ප්‍රසංගය මාදිවෙල පිහිටි එම මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තකු ලෙස සහභාගිවූ ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතාට මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී සමන්ත ජයරත්න මහතා විසින් උපහාර තිළිණයක් පිරිනැමූ අයුරු මෙහි දැක්වේ.

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හා හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම සංස්කෘතික ප්‍රසංගයට සමගාමීව සම්මාන ප්‍රදානයක්ද සිදුකෙරුණු අතර හිටපු අමාත්‍ය රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙම සම්මාන සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීය.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment